සමාජ මාධ්‍යයෙහි දැඩිව කතාබහට ලක්වන K Sujeewa ගේ නැවත ආගමනය..ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ගිය වීඩියෝව මෙන්න..(VIDEO / PHOTOS)

singer K Sujeewa Sundara Giyaki Adare Igimarana Tharu Rana Pada Dun Akade
By Sewvandhi Jan 12, 2022 11:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

"ඉඟි මරන තරු රෑන" ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය කේ.සුජිවා ගැන පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ ඇති වුණා. ඒ කොහොම වුණත්, ඇය , ඇය ගැන පැතිර ගිය කිසිම කතාවකට උත්තර දුන්නෙ නම් නැහැ.

ඒ විදිහට නිහඬවම හිටපු කේ. සුජීවා එකවරම වීඩියෝවකින් එළියට ආවේ රසිකයින් පුදුමයට පත් කරමිනුයි. "සුන්දර ගීයකි ආදරේ" කියන මේ ගීතයේ විශේෂත්වය තමයි, ගීතයේ සංගීත සංයෝජනය කරලා තියෙන්නෙ, කේ. සූජිවාගේ පුංචි දියණිය රෝස්.

ඒ වගේම මේ ගීතය කේ. සුජිවාගේ "ඉඟි මරන තරු රෑන" ගීතයෙන් පස්සෙ, ඇගේ තනි නිර්මාණයක් විදිහට අවුරුදු 18කට පස්සෙ එළියට එන ගීතය. මේ වෙනකොට මේ ගීතය බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත අපූරූ ගීතයක් බවට පත් වෙලා.

ගීතය එන්න කලින් ඉඳන්ම, කේ. සුජිවාත්, ඇගේ දියණියන් දෙන්නාත් ගීතය ගැන පෙර දැනුම් දීම් එහෙම කරලා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery