චමුදිතගේ ආරක්ෂාව වහාම තර කරන්න..ජාතික ජන බලවේගයට දැඩි දෝෂාරෝපණයක් එල්ලවෙයි..
ජාතික ජන බලවේගය විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්රම මහතා ඉලක්ක කර තර්ජන එල්ල කරමින් සිටින බවත් ඒ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු ලෙසත් පාර්ශව රැසක් ඉල්ලා සිටිනවා.
එනම්, මධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු කරන මෙම ප්‍රකාශයන්ට ඉදිරියේදී චමුදිතට බුක්ති විදීමට සිදු වන බවයි.
එම ප්‍රකාශය පහතින් දැක්වේ..
' පත්තර විස්තර වැඩ සටහනකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්රම මහතා විසින්ද පැහැදිලි කිරීමක් සිදු කරමින් 88/89 කාලවලදී බෙලිකපල වැටවල් වල ගහපු කට්ටිය, චිට් දාල කඩවල් වහපු කට්ටිය කොහොමද රාජ්‍ය නිලධාරීන් පුනරුත්තාපනය කරන්නෙ යන්න විමසන ලදි.'
මෙම ප්‍රකාශයත් සමඟ වියරු වැටුණු ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍යවේදී චමුදිතට මෙම සිදුකළ ප්‍රකාශ වලට භුක්ති විඳීමට සිදුවන බව පවසා තර්ජනය කර තිබෙනවා.
එම නිසා මාධ්‍යවේදී චමුදිතගේ ආරක්ෂාව තර කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පාර්ශව රැසක් නිවේදන නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයන් පහතින්...
නිවේදනයයි!
ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්රම මහතා එල්ල කරගෙන ජාතික ජන බලවේගයේ ඇතැම් නායකයන් සිදුකරන තර්ජනාත්මක සහ අසංවර ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර ඒ මහතාගේ ආරක්ෂාව තර කිරීමට වහා කටයුතු යොදන මෙන් ඉල්ලා සිටිමි.
තවද ඒ මහතාට හෝ ඔහුගේ පවුලේ කෙනකුට කායික පීඩාවක් සිදු වුවහොත් එහි වගකීම එකී දේශපාලන බලවේගය භාරගත යුතු බව මාගේ අදහසයි.
මහාචාර්ය චන්න ජයසුමන,
පාර්ලිමේන්තු මන්ත්‍රී,
අනුරාධපුර දිස්ත්‍රික්කය
..............................................................................................