ජොන්ස්ටන්ගෙන් සැර ප්‍රකාශයක් - ජනාධිපති ගන්නා තීන්දු සමග සියළු ඇමතිවරුන් සිටිය යුතුයි.. වෙන සරුංගල පස්සෙ ගියොත් විනාශයක් වෙයි..
ජනාධිපති හා ආණ්ඩුව විසින් ගන්නා වූ ගන්නා තීරණයක් සමග සියළුම ඇමතිවරුන් ඒ සමග එකට සිටිය යුතු බවත් එසේ නැතුව වෙනත් අරමුණු පසුපස හඹා යාමට උත්සාහ කළොත් මහා විනාශයක් විය හැකි බවත් ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ජනාධිපතිතුමා සහ රජය තීන්දුවක් ගනී නම් ඕනෑම ඇමතිවරයෙක් ඒ තීන්දු සමග එකඟ එකග විය යුතු බවත් එසේ නැතිනම් වෙන වෙන සරුංගල පස්සේ යන්න ගියොත් මහා විනාශයක් වන බවද ඒ මහතා පැවසීය.
ජනතාව විසින් ජනාධිපති හා ජයග‍්‍රහණය කරවුයේ නිවැරදි දේ සිදු කිරීමට ඒ නිවැරදි තීන්දුව සමග ඇමතිවරුන් සිටිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
මහා සංඝරත්නය විසින් ජනාධිපතිතුමා සහ ආණ්ඩුව අදටද දැනුවත් කිරීම කිසිම වරදක් නොවන නමුත් ඇතැම් තැන්වල මහා සංඝරත්නය සමහර අය විසින් උසිගන්වන බවත් එයින් ප්‍රවේශම් විය යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
‘විපක්ෂය මවන සරුංගල් පස්සේ යන්න ගියෝත් වෙන්නේ විශාල ප්‍රශ්නයක්. විපක්ෂය කරන්නෙත් සරුංගල් යවන එකයි. විපක්ෂයම එදා මේ දේවල් විකුණන්න දාලා, ගිවිසුම් ගහලා ඔවුන් තීන්දු තීරණ අරගෙන රට හිර කෙරුවා. හම්බන්තොට වරාය අවුරුදු 99යේ ඒවා දෙකකට බදු දුන්නා. ඊළඟට ඉන්දියාව, ජපානය එක්ක ගිහින් ගිවිසුම් ගහලා රට හිර කරලා ඉවරවෙලා දැන් විපක්ෂයම කියනවා අපි වැරදි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඔවුන් කරපු ඒවා පුළුවන් තරම් හොඳ පැත්තකට හරවල තමයි අපි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගත්තොත් අපි ඒ තීරණය උඩ හිට ගන්නවා. කිසිම ඇමතිවරයකුට පිල් බෙදෙන්න හේතුවක් නැහැ. තමන්ගේ දේශපාලන දර්ශන මොනවා තිබුණත් රජයේ තීරණ උඩ හිට ගන්න ඕනා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවලා, මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරවලා, අපි මේ රටේ අපේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නිවැරදි තීන්දු තීරණ ගත්තම ඒ තීන්දු උඩ හිට ගන්නයි.’