මහින්දානන්දට දඩුවම් නියම වූ වගන්තිය යටතේම ජොනිටත් චෝදනා

Report

වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ලංකා සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම හේතුවෙන් රජයට මූල්‍ය හානියක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා පනත යටතේ ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 01 වැනිදා දක්වා කල් තබන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (ජුනි 03) නියෝග කළේය.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ලංකා සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ මොහොමඩ් සාකීර් යන තිදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී, අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිලිකරුගේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි. සාක්ෂි විභාගයෙන් අනතුරුව, වැඩිදුර නඩු විභාගය 2025 ඔක්තෝබර් 01 වැනිදා දක්වා කල් තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

පිටිපස්සෙ ඉඳන් අනුදි දිනවපු කවුරුත් හොයපූ ඔහු

පිටිපස්සෙ ඉඳන් අනුදි දිනවපු කවුරුත් හොයපූ ඔහු

2010 සිට 2014 දක්වා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකා සතොස ආයතනයේ සේවකයින් පිරිසකගේ රාජකාරි ඉවත් කර, ඔවුන් තම පෞද්ගලික දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා එල්ල වී ඇත. මෙම ක්‍රියාව තුළින් රජයට මූල්‍ය හානියක් සිදු වූ බවත්, එය අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණයක් ලෙස සැලකෙන බවත් පවසමින්, නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව ගොනු කර ඇති නඩුව රටේ අල්ලස් හා දූෂණ විරෝධී පියවරවල කොටසක් ලෙස විශේෂ අවධානයක් ලබා ඇති අතර, ඉදිරි නඩු විභාගයේදී මෙම චෝදනාවල තත්ත්වය පිළිබඳව තවදුරටත් සාක්ෂි ඉදිරිපත් කිරීමට නියමිතය.

පොසොන් දන්සැල්වල ජලය පිළිබඳ විශේෂ අවධානයක්

පොසොන් දන්සැල්වල ජලය පිළිබඳ විශේෂ අවධානයක්