රැකියා අපේක්ෂිත අයට මෙන්න අනගි අවස්ථාවක්..අදම අයදුම් කරන්න.(PHOTOS)

By Aruna May 17, 2023 01:04 AM GMT
Report

ඔස්ට්‍රේලියානු රජය විසින් රට තුළ හඳුනාගත් රැකියා ක්ෂේත්‍රවල උග්‍ර හිඟය පිරවීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ප්‍රකාශයකට අනුව, උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් නිශ්චිත වෙබ් අඩවියට පිවිස අදාළ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.

උනන්දුවක් දක්වන අයට මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ රැකියා සඳහා ඉල්ලුම් කළ හැකිය,

https://www.smartmoveaustralia.gov.au

වැඩි විස්තර පහතින් දැනගන්න,

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery