සිය පියාගේ අවමඟුල් උත්සවයේදී පිළිකුල් සහගත ලෙස හැසිරුණු සුරූපී Instagram තරුවට දසතින් විවේචන එල්ල වෙයි, අන්තිමේදී ඇය කළ පුදුම සහගත දේ මෙන්න (PHOTOS)

SOCIAL MEDIA Jayne Rivera INSTAGRAM DAD FUNERAL
By Sewvandhi Nov 19, 2021 01:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අමරිකාවේ ජීවත් වන 20 හැවිරිදි Jayne Rivera (ඇය Floridaහි වෙසෙන තැනැත්තියක්.) නම් ඉන්ස්ටග්රෑම් තුළ අතිශය ජනප්‍රිය නිරූපිකාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි ලෙස විවේචනයට ලක් වෙමින් සිටිනවා. ඊට හේතුව වී ඇත්තේ ඇගේ පියාගේ අවමඟුල් උත්සවයේදී ඇය ඔහුගේ දේහය ඉදිරිපිට අගෞවරයක් වන සේ ඡායාරූප ලබා ගැනීමයි.

මෙම ඡායාරූප ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා පළ කිරීමත් සමඟ බොහෝ දෙනෙක් ඇයව විවේචනය කරන්නට පටන් ගත්තා. කෙසේ වෙතත්, ඇය මේ ගැන "සමාව අයැදීමක්" සිදු නොකර, සිය ගිණුම "ඩීඇක්ටිව්" (තාවකාලිකව වසා දමා) කර ඇති බව සඳහන්.

"ඔයා මගේ හොඳම යාලුවා.. හොඳින් හිටපු ජීවිතයක්." යනුවෙනුයි ඇය මෙම ඡායාරූප "කැප්ශන්" කර තිබුණේ. "ඔයා බොහෝම නීචයි, පිළිකුල්" ඇගේ එක් අනුගාමිකයෙක් සඳහන් කර තිබුණා. "ජේන් මේ පින්තූර මකා දාන්න.. කරුණාකරලා මේ ගැන සමාව ඉල්ලන්න.. නැත්තම් අපි ඔයාව අන්ෆලෝ කරනවා.." තවත් අනුගාමිකයෙක් සටහන් කර තිබුණේ එහෙමයි..

මේ වන විට ඇයට ඇගේ ගිණුමේ අනුගාමිකයින් 84, 000 ඉක්මවා සිටින අතර, මෙම සිදුවීමෙන් පසු අනුගාමිකයින් බොහෝ පිරිසක් ඇයට අහිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery