කොවිඩ් ගැන ජ’පුර ගෙනා යෝජනා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනී

covid19 university WHO Chandhima Jeewanandha Jayawardhanapura
By Sewvandhi Jul 12, 2021 09:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් රෝගය හඳුනා ගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වෙනුවෙන් සිදු කරන කටයුතු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ යෝජනාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමකට ලක්ව තිඛෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සිදුකළ තරගකාරී වැඩසටහනකින් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ යෝජනාව ලොව හොඳම යෝජනා 05 අතරට එක්ව තිබීමත් විශේෂත්වයක්.

කොවිඩ් රෝගය විනිශ්චයට අවශ්‍ය විශේෂ පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා ශෛල්‍ය ජෛව විද්‍යා අංශය ඉදිරිපත් කළ මේ යෝජනාව පසුගිය වසරේ දෙසැම්බර් මස ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කර තිබුණා.

ලොව රටවල් බොහෝමයක්ද එවැනි පර්යේෂණ සම්බන්ධයෙන් යෝජනා ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර තිබූ අතර, ඒ අතරින් හොඳම යෝජනා පහ ඉදිරිපත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්ව තිබීම විශේෂත්වයක්. ඒ

අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට රැපිඩ් ඇන්ටිජන් කිට් ලක්ෂ 2ක් සහ පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2ක් හිමිවන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා ශෛල්‍ය ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා  සඳහන් කළේ.

ඉන් රැපිඩ් ඇන්ටිජන් කට්ටල වැඩි ප්‍රමාණයක් රෝහල් පද්ධතියට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරන බවයි ඔහු කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now