ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් පිටියෙන් සමු ගනී ...
By Parami Dissanayake
එංගලන්තයේ සුපිරි වේගපන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
ඔහු ටෙස්ට් පිටියේ පමණක් ක්‍රීඩා කරන්නෙකි.
එමෙන් ම, ඔහු එළඹෙන ගිම්හානයේ ලෝඩ්ස්හි දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිය අවසන් තරගය වනු ඇති බව ඔහු සඳහන් කර ඇත.
වැඩි දුරටත් සඳහන් වන්නේ, 2003 වසරේ දී සිය මංගල ක්‍රිකට් දිවිය ආරම්භ කළ ඔහු ටෙස්ට් තරග 187ක දී කඩුලු 700ක් දවාගෙන ඇති බව ය.
41 හැවිරිදි වියේ පසුවන ඇන්ඩර්සන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නෙකු ලෙස සැලකේ.