අද දවසේ ගමන් බිමන් යන ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රදේශ ටික මෙන්න

Report

අද (20) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණ පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

රැකියාවේ තීරණ ගන්න කලින් මේක කියවන්න - අද දවසේ ලග්න පලාපල සහ සුබ වේලාවන් මෙන්න

රැකියාවේ තීරණ ගන්න කලින් මේක කියවන්න - අද දවසේ ලග්න පලාපල සහ සුබ වේලාවන් මෙන්න

කෝච්චියේ හයියෙන් ෆෝන් එකෙන් කතා කරනවාද? අලුත්ම නීතිය මෙන්න

කෝච්චියේ හයියෙන් ෆෝන් එකෙන් කතා කරනවාද? අලුත්ම නීතිය මෙන්න