ස්මාර්ට් ෆෝන් එකට හැමදේම යට වෙයිද? ගුවන් විදුලිය සහ ස්ථාවර දුරකථන අභාවයට යන හැටි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2024 ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව අනුව, ගුවන් විදුලිය, ස්ථාවර දුරකථන සහ ඩෙක්ස්ටොප් පරිගණක භාවිතය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව අනාවරණය වී ඇත.
එම වාර්තාවෙන් දැක්වෙන්නේ 2012 වසරේදී ගෘහ කාණ්ඩවලින් සියයට 68.9ක් ගුවන් විදුලිය භාවිතා කළ අතර, 2024 වන විට එය සියයට 52ක් දක්වා පහත වැටී ඇති බවයි.
එසේම, 2012දී සියයට 42.4ක් වූ ස්ථාවර දුරකථන භාවිතය 2024 වන විට සියයට 12.9ක් දක්වා දැඩි ලෙස අඩුවී ඇත.
ඩෙක්ස්ටොප් පරිගණක භාවිතයද 2012දී සියයට 15ක් වූ අතර, 2024 වන විට එය සියයට 7.4ක් දක්වා පහත වැටී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, රූපවාහිනී, ජංගම දුරකථන, සුහුරු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක භාවිතය 2012 වසරට සාපේක්ෂව වැඩි වී තිබේ.
නව වාර්තාවට අනුව රටේ ගෘහ කාණ්ඩවලින් සියයට 94ක් ජංගම දුරකථන භාවිතා කරන අතර, සාමාන්‍ය ජංගම දුරකථන භාවිතය ග්‍රාමීය ප්‍රදේශවල වැඩි වශයෙන් පවතින අතර එය සියයට 69.7ක් ලෙස සඳහන් වේ.