අවුරුදු සතුට කඳුළක් කළ මාරයා - දින කිහිපයකින් ජීවිත 80ක් අපෙන් සමුගනී
අවුරුදු සමයේදී රිය අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් ජීවිත 80කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අප්‍රේල් 10 සිට 18 දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇති අතර, එම කාලය තුළ රිය අනතුරු වලින් පමණක් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
විශේෂයෙන් අප්‍රේල් 10 සහ 13 දිනවලදී වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
එසේම, දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන් වේ.
පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි.