මාලිමා පළවෙනි කතානායක උපාධිය හොයනවා දෙවෙනි කෙනා පොදු දේපළ අවභාවිතා කරලා - නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර කියයි

Sri Lanka Parliament Latest Headlines Jagath Wickramaratne Sinhala news NPP Government
By Ashfa Jul 10, 2025 12:59 AM GMT
Ashfa

Ashfa

Report

නව ජනතා පෙරමුණ පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් ජූලි 9 වනදා පක්ෂ කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා, මහරගම නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන්, කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, බටලන්දහේන කොට්ඨාස සංවිධායක අමරවීර සහ ක්‍රියාකාරී සුනිල් පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී විය.

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

මෙහිදී පක්ෂ නායකවරයා සඳහන් කළේ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපල අයථා ලෙස භාවිතා කරමින් ව්‍යවස්ථාදායක මණ්ඩලය හා ජනතාවගේ විශ්වාසය බිඳ දැමූ බවයි. ඒ පිළිබඳව 2025 ජූලි 4 වනදා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට නිල පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

එහිදී පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, 2025 ජුලි මස 04 වන දින අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසම් සභාවට නව ජනතා පෙරමුණ විසින් පැමිණිල්ලක් බාර දෙන ලදී.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

එමෙන්ම 2025 ජුලි මස 03 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිදු කරන රාජ්‍ය දේපල අවබාවිතාව හා රාජ්‍ය දේපල අපහරණය සම්බන්ධව රටට හෙළිකරන ලදී.

ඒ සඳහා පිළිතුරු සපයමින් අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා /අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) එම් ජයලත් පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කල ලිපියේ සඳහන් පැහැදිලි කිරීම් වලට අනුව තව දුරටත් පෙනීයන්නේ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිදු කරන රාජ්‍ය දේපල අවබාවිතාව හා රාජ්‍ය දේපල අපහරණය තව දුරටත් තහවුරු වී ඇති බවය.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

ඒ අනුව ප්‍රධාන වශයෙන් ප්‍රශ්න 10 ක් පාර්ලිමේන්තු මහලේකම් තුමියගෙන් අපි අහන්න කැමති.

1. කතානායකවරයාට හිමි වැටුප සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි ලීටර් 568 ඉන්දන දීමනාවත් ඔහුගේ වැටුපට එකතු කරන්නේද ? නැද්ද ?

2. ⁠එසේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි ඉන්දන දීමනාව ලබාදෙමින් තිබියදිද සෑම මසකම ඉන්දන ලිටර් 900ක් ඔහුගේ වාහනවලට ලබාදෙන්නේ ද ? නැද්ද ?

⁠3. ජනාධිපති ලේකම්ගේ චක්‍රලේකයට පිටින් කතානායක නිල නිවස සදහා පෞද්ගලික කාර්‍ය මණ්ඩලයක් පත් කර තිබේද ?නැද්ද ? එසේ පත් කර තිබේ නම් එම ගණන කොපමණද ?

4. කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් විසින් දිවා ආහාර ලබාගන්නේ අනෙකුත් විධායක නිලධාරින් ආහාර ලබාගන්නා විධායක නිලධාරින්ගේ හොජ්නාගාරයෙන්ද? එසේත් නැතිනම් කතානායකතුමා සමග එතුමාගේ කෑම මේසයෙන්ද ? ⁠

5. කතානායක මාධය ඒකකය සදහා ලබා දි ඇතැයි කියන NC 4923 අංක දරන වෑන් රථය ලබා දී ඇත්තේ කුමන අනුමැතියෙන්ද , ඒ සදහා කිසියම් චක්‍රලේකයකින් අනුමැතිය ලබා දී ඇත්ද ? ඊට ඉන්ධන සපයන්නේ කෙසේද ?

⁠6. කතානායක නිල නිවස කිසිදු කටයුත්තකට භාවිතා කරන්නේ නොමැතිබව කීවද , පසුගිය කාලය තුල කතානායකවරයාගේ ප්‍රධානාත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතුලු රාජ්‍ය නිලධාරින්ගේ, විපක්ෂ නායකතුමා ඇතුලු පාර්ලිමේන්තු මන්තිවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීම් පවත්වා නැද්ද ?

7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්විම් කතානායක නිල නිවසේ මේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා නැද්ද ?

8. ⁠කතානායක නිල නිවසේ වර්තමාන කතානායකවරයා කිසිදා රාත්‍රී හෝ දිවා භෝජන සංග්‍රහා අමුත්තන් සදහා පවත්වා නැද්ද ?

9. ⁠වැටුපෙන් මුදල් කැපුනද නිල නිවාස දෙකක් භාවිතා කිරීමට කිසියම් අයෙකුට අනුමැතියක් තිබේද ?

10. ⁠මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම සදහා පාර්ලිමේන්තු ලේකම් කාර්‍යාලයට කතානායකවරයා විසින් කිසියම් බලපෑමක් කලාද ?

මෙලෙස ප්‍රශ්න 10 අපි පාර්ලිමේන්තු මහ ලේකම්තුමියට යොමු කර සිටින අතර අපි ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් අහන්න කැමති ඔවුන් බලයට පැමිණෙන විට ප්‍රකාශ කර සිටියේ අපිට වාහන එපා,වැටුප් එපා ලෙසය.

රාජාංගණේ සද්ධාරතන හිමිගෙන් අධිකරණය මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

රාජාංගණේ සද්ධාරතන හිමිගෙන් අධිකරණය මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි

නමුත් මේ වනවිට සදාචාරාත්මක නොවන ලෙස නිල වාහන දෙක සඳහා ඉන්දන ලිටර් 900 හා සෑම මසකම සංශෝධිත මිල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි ලීටර් 568 ඉන්දන දීමනා හා වැටුප් ලබා ගන්නේ යැයි අපිට පැහැදිලි තොරතුරු ලැබී ඇත.

අපිට ලැබී ඇති තොරතුරු අනුව ඔවුන් පවසන මාධ්‍ය අංශය සඳහා වෙන් කල වෑන් රථය භාවිතා කරනු ලබන්නේ කතානායකතුමාගේ ලොරිස් නිවාස සංකීර්ණයේ පිහිටි 1/8 නිවාසය සඳහා ආහාර සැපයීමට බවය.

මේ සම්බන්ධයෙන් අපි පැහැදිලි පිළිතුරක් පාර්ලිමේන්තු මහ ලේකම් තුමියගෙන් හෝ කතානායකතුමන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම කරුණු පිළිබඳව නව ජනතා පෙරමුණ විසින් හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම කතානායකතුමන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් කල ලිපියේ සඳහන් වෙනවා කාර්ය මණ්ඩලය සඳහා 08 දෙනෙකු වෙන්කර ඇති බවත් ඔවුන්ගේ නිල තනතුරු අනුව වාහන ඉන්දන ලබා දී තිබෙන බව අපි අහන්න කැමති රජමල්වත්ත නිල නිවසේ කාර්ය මණ්ඩලය කී දෙනක් වෙන් කර සිටිනවාද කියලා.

එමෙන්ම කතානායකතුමන් වෙනුවෙන් වැඩ බලන සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ අත්සනින් නිතුක් කල ලිපියේ සඳහන් වෙනවා කතානායකතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ආහාර ලබා ගන්නේ පාර්ලිමේන්තු සේවකයින් ආහාර ගන්නා ස්ථානයෙන් බවත් ලොරිස් නිවාස සංකීර්ණයේ පිහිටි 1/8 නිවසට එම ස්ථානයෙන් ආහාර ගෙන්වා ගන්නා බවත් ඔවුගේ වැටුපෙන් එය අඩුකිරීමක් කරන බවත්. නමුත් අපිට ලැබී ඇති තොරතුරු අනුව එය අසත්‍ය තොරතුරක් වේ.

ඔහුට ආහාර සපයනු ලබන්නේ කතානායකවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භාවිතා කරන මන්ත්‍රී භෝජනාගාරයෙන්ය. මාලිමා ආණ්ඩුවෙන් පළමුව පත් වුනු කතානායකවරයා තවම උපාධි සහතිකය හොයනවා. ඒ වගේම දැන් පත් වුනු වෛද්‍ය ජගත් වික්‍රමරත්න නව කතානායකතුමන්ට මේ වනවිට විශාල චෝදනාවක් අපි යොමු කරලා තියෙනවා.

ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම කතානායකතුමන්ගේ නිල නිවස තුල කිසිදු රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් සිදු කරන්නේ නැති බව ප්‍රකාශ කර ඇත.

ඒ සියල්ල සිදු කරනු ලබන්නේ කතානායකතුමන්ගේ නිල කාමරය තුල බව දක්වා ඇත. නමුත් අපට ලැබී ඇති තොරතුරු අනුව පසුගිය දිනක කතානායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ හා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිළධාරින්ගේ හමුව තිබිලා තියෙන්නේ කතා නායකතුමන්ගේ නිල නිවසේ දීය .විපක්ෂ නායකුතුමන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රිතුමන්ලාගේ සහබාගිත්වයෙන් රැස්වීමක් පවත්වා තියෙනවා කතානායකතුමන්ගේ නිල නිවසේ දී. එම නිසා කතානායකතුමන්ගේ පාර්ශවයෙන් මේ සඳහා ද නිවරදි පිළිතුරක් අපි බලා පෙරොත්තු වෙනවා.

ඒවගේම නිල නවසේ ව්‍යවස්ථා දායක සභාවද රැස්වු බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අපට ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ කතා නායකතුමන්ගේ නිල නිවස හා ලොරිස් නිවාස සංකීර්ණයේ පිහිටි 1/8 නිවාසය යන දෙකම භාවිතා කරන බවය. කෙසේ වෙතත් එකවිට රාජ්‍ය නිළධාරින්ට නිල නිවාස දෙකක් බාවිතා කල හැකි ද?

ලොරිස් නිවාස සංකීර්ණයේ පිහිටි 1/8 නිවාසය බාවිතා කරන අතර ඒ සඳහා වැටුපෙන් අඩු කිරීමක් සිදු කරන බව වැඩ බලන සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අත්සනින් නිකුත් කල ලිපියේ සඳහන් වෙනවා. නමුත් බම්බලපිටියේ ලොරිස් මහල් නිවාස සංකීර්ණයේ නිවාස සඳහා රජය අයකුරනු ලබන්නේ ඉතා සොච්චම් මුදලකි. එය කෙසේත් සාධාරණ මුදලක් නොවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ නිල නිවස තක්සේරු කලා වගේ ලොරිස් නිවාස සංකීර්ණයේ පිහිටි 1/8 නිවාසයත් දැන් පවතින වටිනාකමට තක්සේරු කරලා ඒ හා සමාන මුදලක් අය කිරිම සාදාචාර සම්පන්න බව අපි ප්‍රකාශ කර සිටිනවා. මෙසේ අප ප්‍රකාශ කල තොරතුරු සියල්ල 2023 දූෂණ විරෝධි පනත යටතේ ගැනෙන දූෂණ ක්‍රියාවන් වේ.

ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙම කරුණු සියල්ල පිළිබඳව පැහැදිලි විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරයි යන්න. පළමුව අපි මෙම තොරතුරු රටට හෙළි කල පසු ප්‍රකාශ කර සිටියේ කතානායකතුමන්ගේ මාධ්‍ය අංශයෙන් මේ සඳහා පිළිතුරු රටට හෙළි කරන බවය. නමුත් කතානායක පාර්ශවයෙන් නිල නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට පාර්ලිමේන්තු වැඩ බලන සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

නව ජනතා පෙරමුණ විදිහට අපි ජුලි මස 04 වන දින අල්ලස් හා දුෂණ විරෝධි කොමිසම් සභාවට සිදු කල පැමිණිල්ලට කතානායකතුමන්ගේ පාර්ශවයෙන් ලැබුණු පිළිතුර සමග සන්සන්දනය කරන විට අපිට පැහැදිලි වෙනවා කතානායකතුමා රාජ්‍ය දේපල අවභාවිතාව හා අපහරණය කිරීමේ වරදට එතුමා හසු වී ඇති බව සදාචාරාත්මක ලෙස මෙම කරුණු පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කර තොරතුරු රටට හෙළිකරනතුරු කතානායක පුටුවේ අසුන් ගැනීම සාදාචාරාත්මක නොවන බව නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියේය.

ReeCha