කොළඹ සහ ඉතාලි තානාපති කාර්යාලයේ PHOTOS අරන්. - රූප සටහන් සහ සිතියම් ඇතුළත් පිටු 700 පොතකුත් හමුවෙයි.
කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී එම පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු ලබා දුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් ඇතුළත් පොතක් හා දිනසටහන් පොතක් මෙන්ම ඡායාරූප ගත කරන ලද ජංගම දුරකථනය සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ.
Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.
ජංගම සංචාරයේ යෙදුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලිසියට භාර දී ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, කොළඹ පිටකොටුව මැණින් මාර්කට්හි සහෝදරයකු සමග එක්ව ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති මොහු මීට මාස හයකට පමණ පෙර එම කටයුතුවලින් ඉවත් කර ඇති බවයි.
සැකකරු 54 හැවිරිදි සැකකාර පුද්ගලයා කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අතිගරු සේවය ගරු සේවය. මේක හොඳ අතිගරු සේවය. - හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ.