ඉඩම් අත්පත් කර ගත්තා මදිවට...ඉදිකරලා තියෙන දේවල්

Report

දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු පිරිස් නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 712ක් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගෙන ඇති බවයි.

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට

ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට

තවද අත්පත් කර ගත් ඉඩම්වල ගෙවල්, හෝටල් සහ පිහිනුම් තටාක ආදිය ද ඉදිකර ඇතැයි ප්‍රකාශ කළා.

එහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැව් රක්ෂිත අල්ලා ගැනීම අද සෙල්ලමක් බවට පත්ව ඇති බවයි.

ඒ අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මඟින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ දීයි.

බදුල්ල ටවුම මැද්දේ වෙච්ච අපරාධය... සෙනග වට වී බලා සිටි

බදුල්ල ටවුම මැද්දේ වෙච්ච අපරාධය... සෙනග වට වී බලා සිටි

ඒ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්තකුමාර නවරත්න මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.