මෙන්න මේ දේ නම් බෑ.. - වෙසක් එකේ ආ තහනම.. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මෙන්න මේ දේ නම් බෑ.. - වෙසක් එකේ ආ තහනම.. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න. | It Is Forbidden To Decorate Vesak With Polythene

ඒ වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙසයි.

එම අධිකාරිය සඳහන් කළේ වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතීන් ප්ලාස්ටික් වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකි බවයි.

එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් පවතින බවත්, එබැවින් වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කිරීමෙන් පරිසරයට සිදුවන හානිය අවම කරගන්නා ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

රජයෙන් නොමිලේ දුන්න මෙන්න මේ දෙය ගත්තෙ නැද්ද?. ගත්ත තවත් තීරණයක් මෙන්න..

රජයෙන් නොමිලේ දුන්න මෙන්න මේ දෙය ගත්තෙ නැද්ද?. ගත්ත තවත් තීරණයක් මෙන්න..


අංක 2034/37 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්‍රොපිලින්, පොලිඑතිලින් නිෂ්පාදන හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවල දී සැරසිලි සඳහා භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇත.

මේ මාසේ අවසන් වෙන්නත් කලින්?. ජනතාවට රජයෙන් ලැබෙන සහනය මෙන්න..

මේ මාසේ අවසන් වෙන්නත් කලින්?. ජනතාවට රජයෙන් ලැබෙන සහනය මෙන්න..


එය දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට දන්වා සිටින්නේ, සියලු සත්ත්වයන්ගේ සුව සෙත පිණිස ම කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන අවස්ථාවේ, මිනිසා ඇතුළු මුළුමහත් පරිසරයට හානි සිදු නොකරමින්, පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ලෙස වෙසක් උත්සව සැමරුම් කටයුතු සිදුකරන ලෙසයි.