වාහන අංක තහඩු පිළිබද විශේෂ දැනුම් දීමක්..
Sri Lanka Police
Sri Lanka
Department of Motor Vehicles
By Piyumika
අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සදහන් කළේ, අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.
අංක තහඩු නිකුත් නොකරන කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇති බවද ඔහු කියා සිටියා.