''අයහපත් කාලගුණයෙන් මරණ සහ බලපෑමට ලක්වූවන් වාර්තා වෙයි'' - බලපෑමට ලක්වූ පළාත් සහ ප්‍රදේශ මෙන්න

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය 19 වැනිදා සිට අද (27) උදෑසන 6.00 දක්වා කාලය තුළ පවුල් 943කට අයත් පුද්ගලයින් 3,495 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවයි.

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර, තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් අද පස්වරු 4 දක්වා දීර්ඝ කෙරෙයි

මේ ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් අද පස්වරු 4 දක්වා දීර්ඝ කෙරෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර, නිවාස 448කට අර්ධ හානි සිදුව ඇති බවද වාර්තා වී තිබේ.

එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක පවුල් 36කට අයත් පුද්ගලයින් 124 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින අධික වැසි තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර, එහි බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 782ක්.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 688ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 473ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 383ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 310ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 224ක් ලෙස බලපෑමට ලක්වූ පිරිස් වාර්තා වී තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 දක්වා ඉහළට - අවදානම් ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත් වන ලෙස දැනුම්දීමක්

අනතුරු ඇඟවීමේ මට්ටම 3 දක්වා ඉහළට - අවදානම් ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත් වන ලෙස දැනුම්දීමක්