ඊශ්‍රායලයෙන් කාලයක් තිස්සේ සැලසුම් කළ ප්‍රහාරයක් ගාසාවට, 59ක් මරුට 386ට තුවාල

Report

ඊශ්‍රායලය ගාසා නගරයට දීර්ඝ කාලයක පටන් සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ මෙම හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ (16) දින රාත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර ද එල්ල කර තිබෙන බවයි.

ගාල්ල පෞද්ගලික රෝහලක කාන්තාවකගේ මරණය - සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විශේෂ විමර්ශනයක් ඉල්ලයි

ගාල්ල පෞද්ගලික රෝහලක කාන්තාවකගේ මරණය - සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විශේෂ විමර්ශනයක් ඉල්ලයි

එසේම ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ ඉකුත් පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අවම ලෙස 386 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ සහ අනෙකුත් රටවල විවේචන හමුවේ හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවට විරුද්ධව මෙහෙයුමක් දියත් කර ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

එසේම ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රහාරය සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඇස්තමේන්තුවට අනුව ගසා තීරයේ ජනතාව 3,050,000 ක් පමණ මේ වන විටත් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව සඳහන්.

ජලාශ්‍රයකින් බෝම්බ 37ක්

ජලාශ්‍රයකින් බෝම්බ 37ක්

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි