ඊශ්‍රායලය යේමන් ඩ්‍රෝන ප්‍රහාර වලට සෘජුවම ප්‍රතිචාර දක්වයි..(VIDEO )

By Piyumika Jul 21, 2024 04:56 AM GMT
Report

යේමනයේ හවුති පාලනය යටතේ පවතින රතු මුහුදේ හොඩෙයිඩා වරාය වෙත ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

හවුති සංවිධානය දියත් කරන ලද ඩ්‍රෝන යානයක් ටෙල් අවිව් අගනුවරට කල ප්‍රහාරාට ප්‍රතිචාර ලෙස එම ප්‍රහාරය එල්ල කර දිනකට පසුවයි මෙලෙස ඊශ්‍රායලය මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ.

වන්දනාවේ ගිහින් එන ගමන රෝහලෙන් නතර කල බිහිසුණු අනතුර..

වන්දනාවේ ගිහින් එන ගමන රෝහලෙන් නතර කල බිහිසුණු අනතුර..

 එහිදී හවුති සංවිධානයට පණිවිඩයක් දීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ආරක්ෂක අමාත්‍ය යොව් ගැලන්ට් ප්‍රකාශ කර ඇත්තේ.

ගාසා තීරයේ පලස්තීන ජාතිකයන්ට සහාය දීම නතර කරන ලෙස හූතිවරුන්ට බලපෑම් කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බවයි ඔහු කියා සිටියි.

අවසන් තරගය අදයි ශූරතාවය ගාල්ලටද? යාපනේටද?..

අවසන් තරගය අදයි ශූරතාවය ගාල්ලටද? යාපනේටද?..

එමෙන්ම දැනට හොඩෙයිඩාහි ඇවිලෙමින් පවතින ගින්න මැද පෙරදිග පුරා දක්නට ලැබෙනු බවයි ආරක්ෂක අමාත්‍ය යොව් ගැලන්ට් වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනුයේ .

ගතවූ මාස කිහිපය තුළ යේමන ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර සිය ගණනක් ඊශ්‍රායල භූමියට එල්ල කර තිබුණත් ඊශ්‍රායලය සෘජුවම ප්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරනුයේ .

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් භයානක හෙළිදරව්වක්..

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් භයානක හෙළිදරව්වක්..

ඊශ්‍රායලය විසින් හොඩෙයිඩා හි වෙරළාසන්න තෙල් ගබඩාවකට මෙන්ම බලාගාරයකට පහරදී ඇති අතර, ඉන් තිදෙනෙක් මිය ගොස් 80 දෙනෙකු දරුණු පිළිස්සුම් තුවාල ලබා තිබේ .