වන්දනාවේ ගිහින් එන ගමන රෝහලෙන් නතර කල බිහිසුණු අනතුර..
By Piyumika
අද (21) අලුයම වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් 7දෙනකු තුවාල ලබා පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබේ.
පිළිමතලාව නගරයට ආසන්න ප්‍රදේශයකදී අද අලුයම එම අනතුර සිදුව තිබුණි .
නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම වෑන් රථය, අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, වන්දනා ගමනක් ගොස් ආපසු පැමිණෙමින් සිටි ඇරව්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කඩුගන්නාව පොලීසිය මගින් සිදුකරයි.