වහාම සටන් විරාමයක් ප්‍රකාශ කරන්න..! අරාබි රටවලින් කළ ඉල්ලීමට ඇමරිකාවෙන් ප්‍රතිචාර..
By Sewvandhi
අරාබි රටවල් විසින් ගාසා තීරයේ වහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට ඉල්ලීමක් සිදු කර තිබේ.
ඊයේ (04) ජෝර්දානයේ දී ,ගාසා තීරයේ පවතින ගැටුම්කාරී වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අරාබි රටවල නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබිණි.
එහි දී අරාබි රටවල නියෝජිතයන් විසින් අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම, හමාස් සංවිධානයට යළි ශක්තිමත් වීමට ඉඩ ලබාදීමක් විය හැකි බැවින් ඊට එකඟතාව පළ නොකරන බවයි.