මෙන්න සුභ ආරංචියක් - රට රස්සා වර්ග තුනක් - දැන්ම දාන්න

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීම යළි ආරම්භ කළ බවයි.

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

දරුවෙක් පළවෙනියා වුණාට ගොඩනැගිල්ලකින් පැනලා

ඒ සදහා පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන් සෙරමික් ටයිල් වැඩ සහ කපරාරු කරන්නන් සඳහා කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයින් ලියාපදිංචි විය හැකි බව වාර්තා වේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පවසන්නේ වයස අවුරුදු 25-45 අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළ මනා පළපුරුද්දක් තිබිය යුතු වේ.

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

මෙහිදී සුදුසුකම් සපුරා රැකියාව හිමිවන ශ්‍රමිකයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවන අතර, මසකට අමෙරිකානු ඩොලර් 1520ක වැටුපක් හා අමතරව අතිකාල දීමනා හිමි වී තිබේ.

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට