ඊශ්‍රායල් ගුවන් සීමාව නැවත දැනුම්දෙන තුරු වසා දමයි
ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බවයි.
මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙනතුරු පමා කරන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇති අතර මෙම නිවේදනය ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස් වෙතද වලංගු බවද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සියලු කාර්යාලය හා වැඩබිම්වල කටයුතු ද නවතා දමා ඇති බවද තානාපති කාර්යාලය පවසනවා.
එරට ශ්‍රී ලාංකිකයින්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සිය ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර සතුරු පාර්ශ්වයන්ගෙන් ඉල්ල විය හැකි ප්‍රහාර හමුවේ ආරක්ෂිතව සිටින ලෙසයි.
තවද සියලු ප්‍රවාහන කටයුතු නවතා දමා ඇති බවත් හදිසි අවස්ථාවක ගිලන් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවත් තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවත් තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.
තානාපතිවරයා විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියලි ආහාර ළඟ තබා ගන්නා ලෙසත්, ඖෂධ භාවිතා කරන පිරිස නිරන්තරයෙන් ඒවා තමාගේ ආසන්න ස්ථානයක තබා ගන්නා ලෙසත්ය.
