මාලනී නැති අඩුව පුරවන්න බෑ. මට දුකයි - ලකී ඩයස්
හෙළ සිනමාවේ නිළි රැජිණ වශයෙන් කටයුතු කළ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පසුගියදා අසනීප තත්ත්වයෙන් පසු වී අප අතරින් සදහටම සමු ගත්තා. ඇයගේ වියෝව සිනමාවට දැඩි ලෙස බල පෑ අතර ඇය වෙනුවෙන් දුක් වූ පිරිසද අති විශාලයි. ඉතින් ඇයගේ සමකාලීන හිතවතුන් ඒවගේම ළඟම ඥාතීන් නව පරපුරේ රංගන ශිල්පීන් ඇයගේ ගුණ වයන විට ඇය විවාහ වූ ඇයගේ හිටපු සැමියා ලකී ඩයස් පවා ඇයගේ වියෝවෙන් කම්පාවට පත්වුණා.
ඉතින් ඔහු ඇයගේ නමට කැළලක් වෙයි කියාවත් ඔවුන්ගේ දික්කසාදය ගැන ප්රසිද්ධියේ කතා කළේ නැහැ. කෙසේ නමුත් ඇය වියෝ වූ පසු ලකී තමන්ගේ හිටපු ආදරණීය බිරිඳ ගැන කිව්වේ මේ වගේ කතාවක්.
"මුළු සිනමාවටම මුළු රටටම සම්පතක් නැති වුණා.මුළු රටටම වගේ මටත් ඒ දුක ශෝකය දැනෙනවා.මේ වගේ කෙනෙක් ආයේ කවදාවත් බිහිවෙන්න මෙතනින් එහාට සිංහල සිනමාවක් නෑ."
යනුවෙන් නැවත වතාවක් ඔහු තමන්ගේ හිතේ තියෙන ශෝකය වචන බවට හරවා තිබුණා.
