ඔත්තේ ඉරත්තේ ක‍්‍රමය යලි එයි.. පලාත් අතර ගමන් තහනම්…
Covid
Police
Sri Lanka
Isolating
By Aruna
දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14වෙනි සඳුදා දිනෙන් පසුව ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. නමුත් එම සීමා ඉවත් කලද පෙර පැවති පරිදි පළාත් අතර සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.
එමෙන්ම නිවසෙන් බැහැර වීමට හැකියාව ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක ක්‍රමයට ඔත්තේ ඉරත්තේ සංඛ්‍යා අනුව බවද ඔහු සදහන් කරයි.
මේ පිළිබඳව වන නිර්ණායක ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.
පවතින වසංගත ව්‍යාප්තිය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් තීරණයට එළඹෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |