නවතම සංචරණ සීමා පිළිබඳ විස්තර මෙන්න(VIDEO)
දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
"හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට. වාහන පාවිච්චි කරන්න බෑ".
එසේම මැයි 31 වනදා සහ ජුනි 4 වනදා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීමට නිවෙස් ආසන්නයේ ඇති වෙළෙඳසැළ ට යෑමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සංචරණ සීමා ඉවත් කිරීම ජූනි 7 වනදා උදෑසන 4.00ට සිදු කෙරෙයි.
ඒ අනුව ජූනි 07 තෙක් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන්නේ මෙසේය.
මැයි 25 රාත්‍රී 11.00 සිට මැයි 31 වනදා පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය.
මැයි 31 වනදා රාත්‍රී 11.00 සිට ජුනි 4 පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය.
ජුනි 4 රාත්‍රී 11.00 සිට ජූනි 7 වනදා පෙරවරු 4.00 දක්වා සංචරන සීමා ක‍්‍රියාත්මකය.
සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවේදී නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට ගොස් වෙළඳ සැල් සහ ඖෂධ අලෙවි සැල් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සලසා ඇත.
එම සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාවේදී කිසිදු පුද්ගලයෙකුට වාහන වලින් ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.
සංචරණ සිමා ලිහිල් කරනු ලබන අවස්ථාවන් වලදී නිවසින් පිටතට යාමේදී ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් පිටතට යාමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට අවශ්‍ය නොවන බවයි රජය පැවසුවේ.
සීමා ලිහිල් කරන අවස්ථාවන් වලදී බැංකු කටයුතු සීමිත සේවකයින් සංඛ්‍යාවක් උපයෝගී කරගනිමින් පවත්වාගෙන යෑමට හැකි බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. දිවයිනේ සියලුම සුරාසැල් ජුනි මස 07වෙනිදා දක්වා වසා තැබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා.
වෛද්‍යවරුන්, වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් වලට සම්බන්ධ අයවලුන් බවට අඟවමින් ඇතැම් පුද්ගලයින් සංචරණ සීමා පනවා ඇති කාල සීමාවේදී වාහන භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
ඔහු මේ බව පැවසුවේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
