මම දැන් ආයුර්වේද වෛද්‍යවරියක්, උපාධිය සම්පුර්ණ කරලා ඉවර වෙද්දි මට මගේ දුවත් ඉන්නවා-ඉෂාරා සඳමිණී (PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් තමයි ඉෂාරා සඳමිණී කියලා කියන්නේ. ඒ වගේම ඇය මේ වනවිට ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් කටයුතු කරනවා.
ඉතින් දැන් ඇය විවාහ වෙලා ආදරණීය සැමියයි සිඟිති දියණියයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බවත් හැමෝම වගේ දන්නවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන වගේම ඇයගේ ආදරණීය දියණිය ගැනත් බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් දැන් දුවට අවුරුදු පහකට ළඟයි කියලයි ඇය කියන්නේ.
හැබැයි කුළුදුලේ ඉපදුණු මේ පුංචි දියණිය කුසේ ඉඳිද්දි නම් ඇය ආසාවෙන් ඉඳලා තියෙන්නෙ පුතෙක්ට. හැබැයි අම්මා පුතෙක්ව පැතුවට තාත්තා නම් පැතුවෙ දුවෙක් කියලත් ඇය කියනවා. ඔන්න ඉතින් වෛද්‍යවරුන් මාස කිහිපයකට පස්සෙ ඇයට ස්කෑන් පරීක්ෂණයක් කරලා ඩොක්ටර් ස්කෑන් එක බලලා කියලා තියෙන්නේ ‘’ඔන්න ඔයාට චූටි දුවෙක්’’ කියලාලු.
ඉතින් ඇයගේ සැමියා අනුර නම් ගොඩක් සතුටු වුණත් ඇය ගෙදර ඇවිල්ලත් ඔහුට කිව්වෙ ඩොක්ටර්ස්ලට වැරදිලාවෙන්න ඇති කියලාලු. කොහොම හරි ඉතින් අන්තිමට ඇයට දුවෙක් තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි දැන් නම් චූටි දුව ඇයගෙයි අනුරගෙයි ලෝකයම වෙලා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය දැන් ආයුර්වේද වෛද්‍යවරියක්. හැබැයි උපාධිය සම්පූර්ණ කරන්න ටික කාලයක් ගියා කියලත් ඉෂාරා කියනවා.
ඉතින් වෛද්‍ය ශිෂ්‍යාවක් විදිහට ඉගෙන ගත්ත කාලෙදි ඇය ඉතා ජනප්‍රිය කලාකාරියක් නිසා එකදිගට නිර්මාණවලට ආරාධනා ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම සමහර දවස්වල එක වෙලාවට රෑපවාහිනියේ නාලිකා කිහිපයකම රඟපාන ටෙලිනාට්‍ය විකාශය වුණා කියලත් ඇය කියනවා.
ඒ නිසාම ඇයට අධ්‍යාපන කටයුතු මඳක් ප්‍රමාද වුණාලු. කොහොම නමුත් අද වෙද්දි ඇය ආයුර්වේද වෛද්‍ය උපාධිය සම්පූර්ණයෙන්ම අවසන් කළ ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම ඇයගේ උපාධි ප්‍රදානෝත්සවය තියෙද්දී පුංචි දෝනිට මාස තුනයි කියලත් ඇය කියනවා. ඉතින් අම්මගේ මව් කිරි බොන පුංචි පැටියෙක් නිසා උත්සවයට චූටි දෝනිව අරගෙන යන්න බැරි වුණා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම එදා තමයිලු ඇය පුංචි දෝනිව ඇය නැතුව තනියම තියලා ගිය පලවෙනි දවස. එදා දුවව අනුරගේ අම්මා තමයි බලාගෙන තියෙන්නේ. ඉතින් කොච්චර සතුටුදායක දවසක් වුණත් දුවව තනියම දාලා ආව නිසා ඇය ගොඩක් දුකෙන් හිටියා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.










