අපි ආදරේ කරද්දී වගේම විවාහ වෙලත් ගොඩක් බාධකවලට මුහුණ දුන්නා, නමුත් මම ගත්ත හරිම තීරණය ඇයව තෝරා ගැනීම- අනුර පතිරණ

Accor SL Actress Gossips
By Sithumi Feb 27, 2023 06:06 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ආදරණීය කළා යුවලක් තමයි ඉෂාරා සඳමිණි වගේම අනුර පතිරණ කියලා කියන්නේ.

ඉතින් මේ යුවල වසර ගණනක් දූ සිඟිත්තිය ඉසස්‍යා සඳමිණි වෙනුවෙන් කාලය වෙන් කරලා දැන් නැවතත් දෙන්නම එකට නිවේදන කටයුතුවල යෙදෙනවා. ඉතින් ඒ ගැන වගේම ඔවුන්ගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් අනුරව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් මොනදේ කළත් හිත ආස කරන දේට ඉඩ දුන්නම ආත්ම තෘප්තිය ලැබෙන නිසා නීතිය ඉගෙන ගත්තත් රැකියාව විදිහට උසාවි නොයා කලාවට යොමු වුණා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම මේ දවස්වල ‘නුහුරු වෑයම’ කියන චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරනවා කියලත් ඔහු කියනවා.

ඉතින් අවුරුදු හතරක් පහක් ඔහුත් ඉෂාරාත් දුව වෙනුවෙන් කාලය වෙන් කරපු නිසා ඒ කාලේ කලාවට සම්බන්ධ නොවී හිටියත් දැන් ආයෙමත් වැඩ පටන් ගත්තා කියලයි අනුර කියන්නේ. ඒ වගේම ඔහුත් ඔහුගේ බිරිඳ ඉෂාරාත් එකම රූපවාහිනී වැඩසටහනක නිවේදනයේ යෙදෙනවා දකින්න ලැබෙනවා. ඉතින් හස්බන්ඩ් වයිෆ් කියලා නැහැ නිවේදනයේදී වචන සංවරය හා හැසිරීමේ සංවරය තියෙන්න ඕන කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු කතා කරන දේට ගළපලා කතා කරන්න ඉෂාරා දන්න නිසා ඔහු හිතන විදිහට ඒ සහාය වෙන කෙනෙක් හිටියා නම් ඔහුට ලැබෙන්නේ නැහැ කියලත්කසුන් කියනවා. ඒ නිසාම සම්පූර්ණ වැඩසටහන කරන්නේ ඔවුන් දෙන්නගේ අවබෝධය මතලු.