මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - මේ විදිහේ ආදායමක් ආවොත් රටම ගොඩ

Report

2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,402ක බදු ආදායම් ඉලක්කයෙන් මේ වනවිට සියයට 61ක පමණ ප්‍රමාණයක් රැස් කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේකොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට බදු ආදායම් රැස්කිරීම සියයට 16කින් පමණ ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව, 2026 වසර සඳහා ලබාදී ඇති ඉලක්කගත බදු ආදායම සම්පූර්ණයෙන් ළඟා කර ගැනීමට හැකියාව ඇති බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශ්වාස කරන බවද නන්දන කුමාර මහතා පැවසීය.

බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් ගැන භයානක හෙළිදරව්වක් - ඇග කිළිපොලා යන ඇත්තක් මෙන්න

බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් ගැන භයානක හෙළිදරව්වක් - ඇග කිළිපොලා යන ඇත්තක් මෙන්න

මේ අතර, බදු දැල පුළුල් කිරීම සඳහා පසුගිය කාලසීමාව තුළ විවිධ ක්‍රියාමාර්ග ගත් බවද ඔහු සඳහන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට පුද්ගල ආදායම් බදු ලිපිගොනු මිලියන 1.2ක් හෙවත් ලක්ෂ 12ක් පමණ විවෘත කිරීමට හැකිවී ඇති බව නන්දන කුමාර මහතා පැවසීය.

ස්වේච්ඡාවෙන් බදු ලියාපදිංචි වූ පිරිස් මෙන්ම බලාත්මක ලියාපදිංචි කිරීම හරහා ලියාපදිංචි කළ පිරිස්ද එම සංඛ්‍යාවට ඇතුළත් වන බව ඔහු පෙන්වා දුන්නේය.

ධීවරයන්ට හා නාවිකයන්ට රතු එළියක් - තද සුළං සමඟ මුහුද රළු වන ප්‍රදේශ මෙන්න

ධීවරයන්ට හා නාවිකයන්ට රතු එළියක් - තද සුළං සමඟ මුහුද රළු වන ප්‍රදේශ මෙන්න

එමෙන්ම, බදු ගෙවීම සඳහා සමාගම් 130,000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන කොමසාරිස් නන්දන කුමාර මහතා,