හවායි රාජ්‍යයට ලාලා කුණාටුවෙන් දැඩි ප්‍රහාරයක්- ලක්ෂ 1.8කට අධික පිරිසකට විදුලිය අහිමි වෙයි
ලාලා සුළි කුණාටුව නිවර්තන කුණාටුවක් දක්වා දුර්වල වෙද්දී හවායි හි 180,000කට අධික පිරිසකට විදුලිය ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත ඇමරිකාවේ හවායි ප්‍රාන්තයට බලපෑ ලාලා සුළි කුණාටුව නිවර්තන කුණාටුවක් දක්වා දුර්වල වී ඇත.
ඒ වගේම කුණාටුව හේතුවෙන් හවායිහි විදුලි පාරිභෝගිකයින් එක්ලක්ෂ අසූතුන්දහසකට අධික පිරිසකට විදුලිය අහිමි වී ඇත ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ හවායිහි වැඩිම ජනගහනයක් සහිත දූපතටයි.
තවද නිවාස 100ට පමණ හානි සිදුව ඇති බව හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් සදහන් කර ඇත ලාලා කුණාටුවේ බලපෑමෙන් ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් සහ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
ඒ වගේම ගස් කඩා වැටීම සහ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලටද බාධා එල්ල වී ඇත කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, පුද්ගලයින් 117 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
තවද ලාලා කුණාටුව පැයට කිලෝමීටර් 31ක පමණ වේගයෙන් කවායි ප්‍රාන්තය දෙසට ගමන් කරමින් පවතින අතර, එහි උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 105ක් පමණ වේ