යුද ගිනි මැද ලංකාවේ ඉන්ධන මිලෙත් සංශෝධනයක්.. ලංකාවේ ආර්ථිකයට රතු එළියක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති පසුබිමක මෙරට ආර්ථිකයට එල්ල විය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට අනුකූලව මෙරට ඉන්ධන මිල ද සංශෝධනය කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන බව වාර්තා වේ.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ වත්මන් මිල ගණන්වලට අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80ක් වශයෙන් සටහන් වේ.

අඛණ්ඩව සිව්වන දිනටත් තෙල් මිල ඉහළ ය‍ද්දි කලාපයම කළඹමින් ඉරානයෙන් භයානක තර්ජනයක්

අඛණ්ඩව සිව්වන දිනටත් තෙල් මිල ඉහළ ය‍ද්දි කලාපයම කළඹමින් ඉරානයෙන් භයානක තර්ජනයක්

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මීට පෙර ද මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වූ බවයි.

එබැවින් එම තත්ත්වය නැවත ඇති වීමේ අවදානමක් පවතින බැවින්, එය ජනප්‍රිය නොවන තීරණයක් වුවද ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගැලපීම වඩාත් උචිත බව ඔහු අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙසේ අඛණ්ඩව ඉහළ යාම ඉදිරියේදී මෙරට ආර්ථික ස්ථාවරත්වයට තවදුරටත් අභියෝගාත්මක විය හැකි බවයි.

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න