අපි කිසිවෙලාවකවත් සටන් විරාමයක් හෝ සාකච්ඡා ඉල්ලා නැහැ - ඉරානයෙන් ප්‍රකාශයක්

Report

විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඉරානය කිසිම අවස්ථාවක සටන් විරාමයක් හෝ සාකච්ඡා සඳහා ඉල්ලීම් කර නොමැති බව අවධාරණය කරයි.

ඉරානය ගිවිසුමකට එළඹීමට කැමැත්තෙන් සිටින නමුත් එහි කොන්දේසි ප්‍රමාණවත් නොවන බැවින් තමන් ඊට එකඟ නොවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශ කර තිබේ.

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

අනතුරුව ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරානය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇති බව සඳහන් වේ.

"අපට අමෙරිකානුවන් සමඟ කතා කිරීමට කිසිදු හේතුවක් පෙනෙන්නට නැහැ. මොකද ඔවුන් අපට පහර දීමට තීරණය කරන විටත් අප ඔවුන් සමඟ සාකච්ඡා කරමිනුයි සිටියේ."

ජනාධිපති ට්‍රම්ප් සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙය හිතාමතා තෝරාගත් යුද්ධයක් බවත්, ඉදිරියටත් රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්