මග බලාගන හිටපු ආරංචියක් - ඉන්ධන රැගත් නෞකාවක් හෙට දිවයිනට

Report

ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් හෙට දින මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

 එම නෞකාවේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා මහතා සදහන් කර ඇත.

ඒ වගේම මෙම මාසය තුළ තවත් ඉන්ධන නෞකා 3 ක් මෙරටට පැමිණීමට නියමිතය.

අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර තිබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි .

QR පද්ධතිය සම්පූර්යෙන්ම ක්‍රියාත්මකයි – ගැටලුවක් ඇත්නම් අමතන්න, පිළිපැදිය යුතු කොන්දේසි මෙන්න

QR පද්ධතිය සම්පූර්යෙන්ම ක්‍රියාත්මකයි – ගැටලුවක් ඇත්නම් අමතන්න, පිළිපැදිය යුතු කොන්දේසි මෙන්න

සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ එම ඉන්ධන තොග, ගොඩබාන අවස්ථාවේ මිල ගණන් අනුව ලබා ගන්නා බවයි.

ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් අදාළ සියළු නෞකා  පැමිණීමට නියමිතය.