අන්තිමට ඒකත් හරි - ගෑස්,ඉන්ධන ඉහළ යද්දී භාණ්ඩ මිලත් අහස උසට?
නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා අද (15) මාධ්‍ය වෙත ලබාදුන් අදහස් අනුව, පවතින යුදමය තත්ත්වය සමඟ ආනයනික භාණ්ඩ මිලෙහි යම් වැඩිවීමක් සිදුවීමේ අවදානමක් පවතින බව පැහැදිලි කළේය.
ඔහු සඳහන් කළේ, ලොව පුරා ඉන්ධන ප්‍රවාහනය සහ බෙදා හැරීමේදී ඇතිවන බාධා මෙරටටත් බලපාන බැවින්, භාණ්ඩවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකි හේතු කිහිපයක් පවතින බවයි.
අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
මේවා මඟහරවා ගැනීම සඳහා ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින අතර, මෙරටට ආනයනය කරන භාණ්ඩ සඳහා පවතින රටවලට අමතරව, තවත් රටවල් වෙතින් භාණ්ඩ ආනයනය කිරීමේ කටයුතුද සිදුකරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"පවතින යුදමය තත්ත්වය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපෑම් එල්ල කරලා තියෙනවා. ඉන්ධන සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී යම්කිසි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. දැනට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වගේ ගිහින් තියෙනවා. ඉන්ධන මිල සහ ඉන්ධන සැපයීමේ යම් යම් අඩුවක් පාඩුවක් නිසා බෙදාහැරීමේ ජලයේ යම් අඩුවීමක් තියෙන් පුළුවන් ඒ නිසා භාණ්ඩ ආනයනයේ දී මිල වැඩිවීමක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් වර්ථමාන ආණ්ඩුව මේ ගැන සැලකිලිමත් වෙමින් අඛණ්ඩව භාණ්ඩ සැපයුම් කිරීම සම්බන්ධයෙන් ආනයන කරන රටවල් මෙතෙක් කරපු රටවල් වලට අමතරව නව ආනයනය කිරීම සඳහා රටවල් සොයමින් මැදිහත් වෙමින් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා භාණ්ඩවල හිඟයක් ඇති වීමට ඇති ඉඩකඩ අඩුවෙයි කියලා අපි විශ්වාස කරනවා. යම් ප්‍රමාණයක මිල වැඩිවීමක් තියෙනවා අපිට එක වළක්වන්න බැරි සීමාවල් වල තියෙනවා ඒ නිසා මිල වැඩි වීමේ යම් ප්‍රවනතාවක් වෙන්න පුළුවන්."