යුද ගිනි නිසා මැදපෙරදිග උණුසුම් වෙයි - මේ සියලු ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි
By Kaushi
ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර ඉරාන මාධ්‍ය ඒජන්සියක් වන මෙහර් නිවේදනය කර ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් තොටුපළට යන සියලුම ගුවන් ගමන් යළි දැනුම් දෙන තුරු අත්හිටුවන බවයි.
එසේම අගනුවරට සේවය කරන කොමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ මැද පෙරදිග යුද්ධය හේතුවෙන් සති ගණනක් වසා දැමීමෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් නැවත විවෘත කර තිබුණා.
එසේම ඉරාන රාජ්‍ය මාධ්‍ය IRNA වාර්තා කරන්නේ, කලාපීය ආරක්ෂක ගැටළු හේතුවෙන් බලධාරීන් මෙහෙයුම් නවතා දමා තිබෙන බවත්, නැවත ආරම්භ කිරීම සඳහා කාලරාමුවක් ලබා දී නොමැති බවත් ය.