අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ විශාල පෙරළියක් - ශ්‍රී ලංකාවත් ඉදිරියට
නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී එංගලන්තයට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී ඇත.
ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු 115ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වීමත් සමඟයි.
එම තරගයේදී දීර්ඝ කාලයකට පසු එංගලන්ත සංචිතයට යළි කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ගේ දක්ෂ පන්දු යැවීම එංගලන්ත ජයග්‍රහණය වඩාත් පහසු කිරීමට හේතු වී තිබුණා.
බලා සිටි මොහොත එළඹෙයි - කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම අතර තරගාවලිය අද
කෙසේ වෙතත් නවසීලන්තය ලැබූ මෙම දරුණු ටෙස්ට් පරාජයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහන ද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.
ඒ මෙතෙක් දෙවන ස්ථානයේ පසුවූ නවසීලන්තය සිව්වැනි ස්ථානය දක්වා පහත වැටෙමින්.
එමෙන්ම එහි වාසිය ලබාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
ඊට අමතරව මෙම වෙනස් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමද ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත.