උදේට සීතල වතුරින් නාන්න බෑ කිව්වට නෑවම මෙහෙම වෙනවා කියලා දැනන් හිටියද?
ඈත අතීතේ මිනිස්සු ඇළ දොළ ගංගාවලින් ස්නානය කළාට අද වෙන කොට දියුණු වෙන තාක්ෂණය සහ සමාජ වටපිටාවත් එක්ක ඒක ගමේ අයට විතරක් සීමා වෙලා තියෙනවා.
නගරබද ගොඩක් අය කරන්නේ සුවපහසුවට නාන කාමරෙන් උණුසුම් වතුර ටිකකින් නා කියා ගන්න එක කියලා ආයේ අමුතුවට කියන්න ඕනේ නෑ නේ. ඒත් එක්කම ඇහෙන කතාවක් තමා අතීතෙ මිනිස්සු සීතල අසිස් කැට වගේ ස්භාවික පරිසරයත් එක්ක මුසු වෙලා නාන කොට ඇගපතේ තියෙන සියලු වෙහෙස නිවෙනවා කියන කාරණය.

ඔය මොනවා කිව්වත් උදේට සීතල වතුර කෝප්පයක් ඇගට වැටෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයිනේ. හැබැයි අද මේ ලිපියෙන් කියන්න යන්නේ අපි කම්මැලි කමට නොකරන ඒ වුණාට Cold Shower එකක් එහෙම නැත්තම් සීතල වතුරෙන් ස්නානය කළාම ලැබෙන වාසි ටිකක් ගැන.
1. සීතල වතුරෙන් ස්නානය කළාම ඇඟේ ශක්තිය ඉහළ යෑම
සීතල වතුරෙන් නානකොට අපේ ඇඟ ඇතුළේ තියෙන අපේ ශරීරයේ සෞඛ්‍යයට නැතුවම බැරි සුපිරි මේද කොට්ඨාසයක් වන බ්‍රවුන් ෆැට් සක්‍රිය වෙනවා. ඒ වගේම විද්‍යාත්මකව බැලුවොත්, සීතල වතුර නිසා ඇඟට දැනෙන ඒ පොඩි ෂොක් එකෙන් අපේ මොළයේ තියෙන සෙරොටොනින් මට්ටම අඩු කරනවා. ඒ සමඟම අපේ රුධිරයට එන්ඩොර්ෆින් සහ කෝටිසෝල් කියන හෝමෝන මට්ටම් ඉක්මනට ඉහළ නංවනවා.
2. මනස නිවනවා
සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන දෙයක් තමයි සීතල වතුරෙන් නෑවහම ඇඟට අමාරුයි කියලා. හැබැයි ඇත්තටම ඒ සීතල ෂොක් එකෙන් ඇඟට ලැබෙන පොඩි පීඩනය අපේ ශරීරයට මාරම ගුණදායකයි. විශේෂයෙන්ම මානසිකව වැටෙන එක, ඒ කියන්නේ විශාදය වගේ ලෙඩ රෝග එක්ක සටන් කරන්න මේක උපකාරී වෙනවා. විද්‍යාත්මකව කිව්වොත්, ඇඟ සීතලට නිරාවරණය වෙද්දී අපේ ස්නායු පද්ධතිය සක්‍රිය වෙලා, ලේවල තියෙන බීටා-එන්ඩොර්ෆින් මට්ටම ඉහළ දානවා. ඒ වගේම මොළයේ තියෙන නෝරපිනෙප්‍රින් කියන රසායනය නිපදවීමත් වැඩි කරනවා. ඒ වගේම දිගටම සීතල වතුරෙන් නාන එක පුරුද්දක් කරගත්තොත් වයසට යද්දී හැදෙන ඇඟ හිරිවැටෙන සහ සෛල විනාශ වෙන දරුණු රෝග ඇතිවෙන එක සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.

3. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම
2016 වසරේ කරපු ප්‍රසිද්ධ විද්‍යාත්මක පරීක්ෂණයකින්, නිතරම වැඩට යන සේවකයෝ පිරිසක් එයාලගේ දින චරියාවට සීතල වතුරෙන් නෑම එකතු කරගත්තට පස්සේ එයාලා ලෙඩ නිවාඩු ගන්න ප්‍රමාණය 29% කින්ම අඩු වෙලා තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා. ඒ වගේම මේ සීතල වතුරෙන් නෑමත් එක්කම දිනපතා පොඩි ව්‍යායාමයක් වගේ දේවලුත් එකතු කරගත්තහම, ලෙඩ වෙලා නිවාඩු ගන්න එක 54% ක් වෙනකම්ම අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා.
4. ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වීම
සීතල වතුරෙන් නානකොට අපේ ඇඟ නොදැනුවත්වම ගැහෙන්න, හිරිවැටෙන්න පටන් ගන්නවානේ. ඒ අපේ ශරීරය විසින්ම ඇඟ ඇතුළේ උෂ්ණත්වය පවත්වාගන්න හදාගත්තු ක්‍රමයක්. මේ විදිහට ඇඟ ගැහෙනකොට සිරුර ඇතුළෙන්ම විශාල තාපයක් නිපදවනවා. අන්න ඒ වෙලාවට ඇඟේ තියෙන කැලරි පිච්චෙන්න නිසා අපේ ඇඟේ මහත්වීම පාලනය කරන පරිවෘත්තීය ක්‍රියාවලිය මාරම විදිහට වේගවත් වෙනවා කියලත් සඳහන් වෙනවා.

5. ඇඟේ ප්‍රතිඔක්සිකාරක වැඩි කරලා, යුරික් ඇසිඩ් අඩු කිරීම
1990 ගණන්වල කරපු පරීක්ෂණවලින්ම දිගටම සීතලට නිරාවරණය වෙනකොට ඇඟේ තියෙන යුරික් ඇසිඩ් මට්ටම කෙලින්ම අඩු වෙනවා කියලා සොයා ගත් බව කියනවා. සීතල වතුර නිසා ඇඟට ලැබෙන ඒ පොඩි පීඩනය හන්දා අපේ ශරීරය ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන විදිහට ඇතුළෙන්ම හැඩගැහෙනවා. ඒකෙන් ඇඟේ තියෙන විෂ නසන බලය උපරිම වෙලා, ලෙඩ රෝගවලට වැට බඳින්න ප්‍රතිශක්තියක් හැදෙනවා කියලා තමයි සඳහන් වන්නේ. ඒ විතරක් නෙවෙයි, ඇතැම් පරීක්ෂණවලින් සීතල වතුරෙන් නෑම පිරිමින්ගේ ප්‍රජනන හැකියාව නැත්නම් සාරවත් බව ඉහළ නංවන්නත් ලොකු උදව්වක් වෙනවා කියලා හොයා ගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා.
කම්මැලිකමට සීතල වතුර පැත්තවත් නොබලපු අපි කවදාවත් සීතල වතුර ටිකකින් නෑවම මෙච්චර වාසි ලැබෙයි කියලා හිතුවේ නෑනේ. ඒ නිසා ඇත්තටම මේ වාසි ලැබෙනවද කියලා බලන්න ඔයත් කම්මැලිකම අතෑරලා උදේට සීතල වතුර ටිකකින් නාලා බලන්න.
