මටයි මගේ දරුවන්ටයි දුර ඉඳන් බලන්න දුන්නා..එයාට මානසික සහය ඕනේ උදව් කරන්නැයි ඉල්ලා සලේගේ බිරිඳගෙන් ශානිට ලිපියක්

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව අඳාළ ලිපියෙන් ඇය සඳහන් කර ඇත්තේ සිය සැමියා ජාතික රෝහලට ඇතුළත් කර දැනට ප්‍රතිකාර ලබන බවත්, ඇතුළත් කිරීමෙන් පසු තමාට සහ දරුවන්ට අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ සිටින සිය සැමියාව දුර සිට බැලීමට අවසර ලැබුණු බවයි.

එය යම් සහනයක් ගෙන දුන්නද, ඔහුගේ වර්තමාන මානසික තත්ත්වය සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බැවින් සිය සැමියා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන මහත්වරුන්ට හදිසි අවශ්‍යතාවයක් ලෙස ඔහුව බැහැදැකීමට අවසර දෙන ලෙස ඇය සිය ලිපියෙන් ඉල්ලා සිටියි.

සලේට අසාධ්‍යයි - අත් දෙකටම සේලයින් ගහලා.. ළං වෙන්න දුන්නේ නෑ එයා කැමතියි ඇස් දන් දෙන්න - බිරිඳ කියයි

සලේට අසාධ්‍යයි - අත් දෙකටම සේලයින් ගහලා.. ළං වෙන්න දුන්නේ නෑ එයා කැමතියි ඇස් දන් දෙන්න - බිරිඳ කියයි

ඒ ඔස්සේ සිය සැමියාට මාරාන්තික උපවාසය අත්හැරීමට පෙළඹවීමට උපකාරි වනු ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය

සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්

ඇය විසින් යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්,

Document (8).PDF by poornima