ඉන්ධන ගෙන්වීමත් නවතීද? පාවිච්චිය සීමා කරන්නැයි ජනපති රටෙන්ම ඉල්ලයි [VIDEO]
මැදපෙරදිග යුදමය තත්ත්වය මෙරට තුළ ඩොලර් අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇති බවත්, එම තත්ත්වය පාලනය කරගැනීමට ගත යුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කර ඇත්තේ 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ අද (20) දින පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින්.
එම අවස්ථාවේදී රුපියලේ කඩාවැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ, මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවයි. එබැවින් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණදෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා ඇත.
එසේම මෙම අර්බුදයෙන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවට ද ජනාධිපතිවරයා මෙහිදී සහතිකය වී තිබෙනවා.
තවද ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට ආර්ථිකයේ කළමනාකරණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහන හා බැඳී පවතින බැවින්, ඔවුන්ගේ නිර්දේශවලට යටත්ව කටයුතු කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,
"මැදපෙරදිග යුද තත්ත්වය නිසා ලෝකයේ දියුණු යැයි සම්මත රටවල්, අඩු ආර්ථික හැකියාවන් තියෙන රටවල් යන සෑම රටක්ම භේදයකින් තොරව ආර්ථික අභියෝගයන්ට මුහුණදී තිබෙනවා. කෙසේ නමුත් ශක්තිමත් ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා. වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වෙලා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කරලා. අපේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙවර 29%කින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කරනවා. ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපේ අපනයනවල අඩුවක් ඇති වී තිබෙනවා. ඒ නිසා අපනයන හරහා ලැබෙන ඩොලර්වල හිඟතාවක් මතුවෙලා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එවන මුදල්වල පසුබැසීමත්, ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවීමත් බලපා තිබෙනවා. ඒ නිසා අපේ රුපියලට තෙරපුමත් ඩොලරයට ඉල්ලුමක් ඇතිව තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් නියමිතව තිබෙනවා. කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි. ආනයන භාණ්ඩ පරිහරණය පිළිබඳ මෙන්ම ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටින් එළියට ගලායන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට තනි තනිව මැදිහත්වන ලෙස"
මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්...ඉතිහාසයේ තුන්වෙනි වතාවට වේගයෙන් පැතිරෙන මාරාන්තික වෛරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කැළඹෙයි
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,