සරසවි සිසුවගේ මරණය ගැන පොලිස් විමර්ශන ඇරඹේ.පැමිණිල්ල දාලා තියෙන්නේ යාළුවෙක්

CID - Sri Lanka Police Sabaragamuwa University Sri Lanka Police Investigation Murder Sinhala news
By Mithu May 01, 2025 02:56 PM GMT
Mithu

Mithu

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මේ බව පවසා සිටියේය. ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම ද ? යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව ඔහු පැවසීය.

නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසා සිටියේය.

"සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවක වදය ලබාදීමද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි. නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබෙනම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරනවා" යනුවෙන් පැවසීය.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

ReeCha