පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලේ - තිදෙනාම අතුරුදන්

Report

හම්බන්තොට, හුංගම කලමැටිය වෙරළ තීරයේ අද සන්ධ්‍යාවේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු රළු මුහුදු රළකට හසුවී දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 12 ත් 18 ත් අතර පසුවන එකම ප්‍රදේශයක පදිංචි පාසල් සිසුන් තිදෙනෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

නිවාඩු දිනයක් බැවින් මොවුන් පිරිසක් එකතු වී මෙලෙස කලමැටිය මුහුදු වෙරළට පැමිණ දිය නෑමට ගොස් ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ ධීවරයන් එක්ව සිසුන් සෙවීමට උත්සාහ කර ඇති අතර, පසුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, නාවික හමුදාව සහ ප්‍රාදේශීය සහන සේවා කණ්ඩායම් එක්ව අතුරුදන් වූ සිසුන් තිදෙනා සොයා සාගරය පුරා දැවැන්ත සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් වහාම ආරම්භ කර ඇත. 

මුළු ලංකාවටම පැය 24ක් වලංගු නිවේදනයක් - මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුළු ලංකාවටම පැය 24ක් වලංගු නිවේදනයක් - මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්