කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

Report

ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක අද (30) විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සදහන් කර තිබේ .

පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව හෙතෙම සඳහන් කළේය.

වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්නැයි දැනුම්දීමක්

වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්නැයි දැනුම්දීමක්

අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ගැනීමට සිදුවූ බව මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ .

කෙසේ වෙතත් විදුලිය විසන්ධි කර ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු සදහන් කර තිබේ .

විදුලි ඉල්ලුම අඩුවීමත් සමග පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා වහලය මත සවිකර ඇති සූර්ය පැනල අද (30) ප.ව. 3 තෙක් ක්‍රියා විරහිත කර තබන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමද සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ