මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - වහාම හෙට දිනයේ මේ දේ ක්‍රියාවිරහිත කරන්න
සමස්ත විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය සහ අඛණ්ඩ විදුලි සැපයුම සුරක්ෂිතව පවත්වාගෙන යාම වෙනුවෙන් හෙට (31) දිනයේදී ද තම සූර්ය පැනල ක්‍රියා විරහිත කර තබන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම මෙරට සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි.
පවතින දේශගුණික රටාව සහ නිවාඩු දින වටපිටාව හේතුවෙන් හෙට දිනයේද රට තුළ ඉතා අඩු විදුලි ඉල්ලුමක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් පද්ධතිය අනතුරේ වැටීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා ලෙස එම සමාගම දන්වා සිටියි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හෙට උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා වූ කාලසීමාව තුළ සූර්ය පැනල පද්ධති හිමිකරුවන් ස්වේච්ඡාවෙන් තම පද්ධතීන් ක්‍රියා විරහිත කර තැබීමට කටයුතු කරන්නේ නම්, එය ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීමකින් තොරව සමබරව පවත්වාගෙන යාමට ලැබෙන සුවිශාල සහයෝගයක් වන බවයි.