විසන්ධි වූ විදුලිය යළි යථා තත්ත්වයට

Report

ජාතික විදුලිබල පද්ධතියේ හදිසියේ ඇතිවූ බරපතළ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට තාවකාලිකව විසන්ධි කර තිබූ විදුලි සැපයුම මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

එම සමාගමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බිඳවැටීමට ලක්ව තිබූ කොළඹ නගරය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ප්‍රදේශ 100 කට ආසන්න සංඛ්‍යාවක විදුලි සැපයුම කඩිනම් මෙහෙයුමකින් පසු මෙලෙස සාර්ථකව යථා තත්ත්වයට පත් කිරීමට තාක්ෂණික ඉංජිනේරුවන් සමත් වූ බවයි.

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

සූදානම් වන්නැයි දන්වයි - හෙට සවස 4.30 වන තුරු වලංගු නිවේදනයක්

මෙවර උදාවූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සහ ඒ සමඟ පැමිණි දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් රටේ සමස්ත කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථාන වැසී පැවතීම නිසා ජාතික විදුලි ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටී තිබුණි.

මෙම අසාමාන්‍ය ලෙස විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් සමස්ත ජාතික විදුලිබල පද්ධතිය තුළ දරාගත නොහැකි මට්ටමේ අසමතුලිතතාවයක් නිර්මාණය වූ අතර, පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවැටීම වළක්වා ගනිමින් එහි ස්ථායිතාව ආරක්ෂා කරගැනීම සඳහා අද (30) දින කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය හදිසියේ විසන්ධි කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමට සිදුවිය.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ