දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ අනතුරු පිළිබඳ සැලකිලිමත් වෙන්න - ජනතාවට දැනුම්දීමක්

Report

ලැබී ඇති දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමඟ රිය අනතුරු සහ දියේ ගිලීම් අනතුරු වැඩි විය හැකි බවට පුරෝකතනය කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ .

ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ අංශ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසා තිබේ.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙවන් අදහසක්

"පහුගිය දත්ත විශ්ලේශනය කිරීමේදී අපි දැක්ක දෙයක් තමයි දීර්ඝ සති අන්ත සහ අනතුරුවල සුවිශේෂී වැඩිවීමක් අපි දැක්කා. වි‍ශේෂයෙන්ම රථවාහන අනතුරු සහ දියේ ගිලීම් වැනි අනතුරු. වෙසක් උත්සවයට සමගාමීව දීර්ඝ සති අන්තයක් එනවා. අපි පුරෝකථනය කරනවා යම් ප්‍රමාණයක අනතුරුවල වැඩි වීමක් වෙන්න පුළුවන් කියලා. රියදුරාගේ වෙන්න පුළුවන් වාහනේ ගමන් කරන අනිත් අයගේ වෙන්න පුළුවන් සමහරවිට පදිකයින්ගේ ගැටලු නිසා වෙන්න පුළුවන් අනතුරු සිද්ධවෙන්න පුළුවන්. මාර්ගවල තියෙන ගැටලු ඊළඟට වාහනවල තියෙන ගැටලු නිසාත් අනතුරු සිද්ධවෙන්න පුළවන්.

මේ දවස්වල සමහර ජල මුලාශ්‍රවල ක්ෂණිකව ජලය වැඩිවීමක් වෙන්න පුළුවන්.ඒ නිසා ගොඩක් වෙලාවට දියවැල් එන්න පුළුවන්. ඒ නිසා ජලය වැඩි වෙන්න පුළුවන්. දියේ ගිලීම් සහ වෙනත් අනතුරුවලින් වෙන ප්‍රවණතාවයේ වැඩිවීමක් අපිට දැනෙන්න පුළුවන්. අපේ මහජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ පරිස්සම් වෙන්න. යම් කෙනෙක් දියේ ගිලුනොත් බේරා ගැනීමට පුහුණුවක් නැත්තන් කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගේ ජීවිතය අවදානමේ දාන්න එපා"