ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භයි - CIDයෙන් මොඩියුලය ගැන පරීක්ෂණ

Report

අද (30) ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ ගැටලු සහගත මොඩියුලය පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන එහි විමර්ශන කඩිනමින් අවසන් කරන්න ලෙසයි. විමර්ශනවල ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් අවස්ථාවේදී මෙය දැනුම් දුන් අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙඩ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටියි.

බොරුවක් පැතිරෙනවා අහුවෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බොරුවක් පැතිරෙනවා අහුවෙන්න එපා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර අධිකරණය කළ දැනුම්දීමක් අනුව විමර්ශනවල ප්‍රගතිය එහි නිලධාරීන් අදත් අධිකරණයට දැනුම්දුන්නාය.නඩුවේ මැදිහත්කාර පාර්ශ්ව ‍වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා එහිදී චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මන්දගාමීව ක්‍රියාත්මක කරන බවටය.

අධ්‍යාපන අමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සියලුදෙනා වගකිවයුතු මෙම සිද්ධියේදී නිලධාරීන් දෙ‍දෙනකුගේ පමණක් වැඩ තහනම් කිරීමෙන් ‍මෙය සරල ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම ප්‍රශ්නගත මොඩියුලයේ 51 සහ 52 පිටුවල අදාළ වෙබ් අඩවිය පිළිබඳ සටහන්ව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ එම පිටු අංක 47 සහ 48 ලෙස දක්වා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

විමර්ශන නිලධාරීන් එම මොඩියුලයක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේ ප්‍රශ්නගත වෙබ් අඩවිය පිළිබඳ සඳහන්ව ඇත්තේ මොඩියුලයේ 47 සහ 48 වැනි පිටුවල බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් මොඩියුලය 2025 දෙසැම්බර් 23 වැනිදා මුද්‍රණය කර ඇති මොඩියුලයක් බවද එම නිලධාරීහු ප්‍රකාශ කළහ.

පාසල් සිසුන්ට රුපියල් 15,000ක දීමනාව ගැන දැනුම්දීමක්

පාසල් සිසුන්ට රුපියල් 15,000ක දීමනාව ගැන දැනුම්දීමක්

කෙසේවෙතත් මැදිහත්කාර පාර්ශ්වයේ නීතිඥවරු එහිදී යළි අධිකරණයට කියා සිටියේ ගුරුවරු පුහුණු කිරීමට භාවිත කළ මොඩියුලය නොව වෙනත් මොඩියුලක් එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය. එම මොඩියුල දෙකම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළාය. සිද්ධියට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත්තේ ඇයිදැයි අනතුරුව මහේස්ත්‍රාත්වරිය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාය. ඊට පිළිතුරුදෙමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ මොඩියුල සැකසූ නිලධාරීන් දෙදෙනෙකු එලෙස වැඩ තහනමට ලක්ව ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකට අනුව එය සිදුකර ඇති බවය.

කාන්තාවන් හා දරුවන් අනතුරේ - AI භාවිතයෙන් ඇඳුම් ගැලවූ බවට චෝදනා

කාන්තාවන් හා දරුවන් අනතුරේ - AI භාවිතයෙන් ඇඳුම් ගැලවූ බවට චෝදනා

ප්‍රශ්නගත සිදුවීමේදී වී ඇත්තේ රාජකාරිමය නොසැලකිල්ලක්ද? නැතිනම් චේතාන්විතව සිදුකළ ක්‍රියාවක්ද? එමගින් පොදු දේපළ අවභාවිතයක් සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් මොඩියුලයට අදාළව පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම අවස්ථාවේ දැනුම්දුන්නේය.

සිද්ධියට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පිළිබඳ සැකයක් පවතින්නේනම් ඔහුද මෙහි සාක්ෂිකරුවෙක් විය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය එහිදී පැවසීය. එමෙන්ම විමර්ශනවල ප්‍රගතිය එළඹෙන පෙබරවාරි 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස ද ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.