වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි. වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඒ මහතා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවය.
එතුමා බොහෝ දෙනෙක් දන්න කියන ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වුණේ පසුගියදා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුර සිදුවූ අවස්ථාවේදීම සිය ජීවිත අවදානමද නොතකා ඔහු සියලු දෙනාගෙම ජීවිත බේරා ගැනීමට ඇප කැපවූ නිසයි.