දැරියන් විකුණන ගණිකා වෙබ් සොයා පොලිසිය දඩයමේ!

banned investigation CID hotels pornographic web
By Sewvandhi Jul 07, 2021 05:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විවිධ ආකාරයට දැරියන් අලෙවි කරන “වෙබ් අඩවි” සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා ඇත. ඒ සඳහා සියලුම වෙබ් අඩවි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මෙලෙස වෙබ් අඩවි මාර්ගයෙන් දරුවන් හා කාන්තාවන් අපයෝජනයට හා ලිංගික කටයුතුවලට යොදා ඇත්නම් එම වෙබ් අඩවි තහනම් කිරීමටද පොලිසිය අදහස් කර ඇත.

එමෙන්ම එම වෙබ් අඩවි පවත්වාගෙන යන වෙබ් අඩවි හිමිකරුවන්ට හා එවැනි වෙබ් අඩවිවල අදාළ දැන්වීම් පළකරන පුද්ගලයන්ද සොයා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිසිය අදහස් කර සිටී.

මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක ප්‍රධානීන් විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙම වෙබ් අඩවිවල දැන්වීම් පළ කරමින් විවිධ පුද්ගලයන්ට කාන්තාවන් හා දැරියන් සපයන පුද්ගලයන් සොයා ගැනීමටත් ඔවුන් සඳහා නවාතැන් ලබාදෙන පුද්ගලයන් හා හෝටල් හිමිකරුවන්, කළමනාකරුවන් අත්අඩංගුවට ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

ළමා හා කාන්තා කාර්යාංශය හා එක්ව රහස් පොලිසියේ ඒකක කිහිපයක් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha