ක්‍රිකට් අතුරු කමිටුවේ බලතල ගැසට් කෙරේ.
Roshan Ranasinghe
Cricket
Sri Lanka Cricket
Sri Lanka
New Gazette
By Hashini
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාලව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම පත්වීම සිදු කර ඇත්තේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.
එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආශ්‍රිතව විශේෂ වාර්තාවට අනුව, ක්‍රිකට් විධායක කමිටුව විසින් සිදු කර ඇති කියන දුෂණ, විෂමාචාර,අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීමට මෙම කමිටුව පත් කර තිබෙන බවයි.
එසේම මෙම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන තුරු හෝ නැවත දැනුම් දෙන තුරු අද සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය පහතින්.


