“කොන්දොස්තර නොමැතිව බස් දුවන්න සුදානමක්” – මුදල් ලබා ගන්නේ මෙලෙසයි

covid19 drivers bus service conductor Gamunu Vijerathna
By Sewvandhi Oct 22, 2021 01:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

ඒ සඳහා මෝටර් රථ ආඥාා පනතේ කොන්දොස්තර මහතා හෝ සහයකයෙක් සහිත යන වගන්තිය සහිත හෝ රහිතව ලෙස සංශෝධනය කරන ලෙස ද තමන් ඉල්ලා සිටි බවයි ඔහු සඳහන් කළේ.

රියදුරු මහතා අසළ මුදල් ලබාගැනීමට පෙට්ටියක් සවි කිරීමට අදහස් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ. කොන්දොස්තරවරයා නොමැතිව මේ වන විටත් ඇතැම් බස්රථ ධාවනය වන බවත් ඔහු පෙන්වා දුන්නා

අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, පළාත් සංචරණ සීමා ලබන 31 වනනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන්.

පළාත් සංචරණ සීමා පැවතුනද සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මීට පෙර පැවසුවේ. අත්‍යවශ්‍ය සේවාවල පුද්ගලයින් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථ මගින් විශාල මුදලක් ලබාගෙන පළාත් අතර පුද්ගලයින් රැගෙන යන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් ඒ සමබන්ධයෙන් අවධානය යොමුව තිබුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ඒ සඳහා මෙතෙක් අවසර නොලැබීම හේතුවෙන් අන්තර් පළාත් බස් ධාවනය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ.

මේ අතර ගුරුවරුන් සඳහා සේවයට වාර්තා කිරීමට පළාත් සංචරණ සීමා කිසිඳු බාධාවක් නොවන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඒ අනුව තම පාසලේ සේවයට වාර්තා කිරීමට පළාත් සංචරණ සීමා බාධාවක් වන්නේ නැහැ.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.